Jan 27, 2021

බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ, 100,000 ඉක්මවයි Featured

දින 28ක් තුළදී මරණ 1,631ක් වාර්තා වීමත් සමග බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා තිබේ.

අහිමි වූ සියළු ජීවිත වෙනුවෙන් සමාව ඉල්ලා ඇති බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ රජය විසින් ගත් පියවර වල සම්පූර්ණ වගකීම ගන්නා බවයි.

මේ වන විට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 100,162කි.

මරණ ලක්ෂයක් ඉක්මවූ ලෝකයේ පස්වැනි රට ලෙසද, යුරෝපයේ පළමු රට ලෙසද බ්‍රිතාන්‍යය පත්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top