Jan 27, 2021

ඉන්දීය ගොවීන් රතු බලකොටුවට කඩාවදියි

පසුගිය නොවැම්බරයේ සිට විරෝධතාවල නිරතව සිටින ඉන්දියාවේ ගොවීන් ඊයේ (26) දිනයේදී නවදිල්ලි අගනුවර පිහිටි ඓතිහාසික රතු බලකොටුවට කඩාවැදී තිබේ.

ඉන්දියානු ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට එරෙහිව සටන්වැදී සිටින ගොවි ජනතාව, එරට ජනරජ සැමරුම් ආරම්භ වෙද්දී ට්‍රැක්ටර් පෙළපාලියකින් දිල්ලි අගනුවරට ඇතුල්වීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය සහ ගොවීන් අතර ගැටුමක් ඇතිවිය.

මාර්ග බාධක නිසා බොහෝ ගොවීන් කලින් සැලසුම් කරන ලද මාවත්වලින් ඉවත්ව වෙනත් මාර්ග ඔස්සේ ගමන් ගනිමින් සිටියදී පොලිසිය සමඟ ගැටුම් ආරම්භ වී ඇතැයි පැවසේ.

ගොවීන් ට්‍රැක්ටර්වලින් මෙන්ම පාගමනින්ද මෙම පෙළපාලියට එක්වූ අතර, පොලිසිය විසින් ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබිණි.

පොලිසිය සමග ඇති වූ ගැටුම් වලින් එක් විරෝධතාකරුවෙකු මියගිය බවත් පොලිස් නිලධාරීන් 80කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය තවමත් නිල ප්‍රකාශයක් සිදුකර නැත.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top