මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා මිරර් කළ විමසීමකදී ඔහු අදාළ තොරතුරු හෙළි කළේය.
මීට පෙර එම පෙරමුණේ මහජන අයිතිය බලගැන්වීමේ ක්රියාකාරී සහ ලේකම් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ අත්සනින් යුත් ලිපියක් මගින් අදාළ දවටන සහිත බිස්කට් පැකට් වෙළඳ පොළෙන් ඉවත් කර ගැනීමට දින 7ක කාලයක් මැලිබන් බිස්කට් මැනිෆැක්චරීස් පුද්ගලික සමාගමට (Maliban Biscuit Manufactories (Pvt) Limited) ලබා දී තිබිණි.
ලෙමන් පෆ් බිස්කට් තොග දින 7ක් තුළ ඉවත් නොකළ හොත් පාරිභෝගික අයිතිය බල ගන්වමින් රිට් ආඥාවක් ලබා ගැනීමට කටයුතු කරන බව ද එහි දක්වා තිබූ අතර අදාළ ඒ සඳහා වූ අවසන් දිනය පසුගිය ජනවාරි 18 වැනිදාට යෙදී තිබිණි.
එසේම ලබන 18 වැනිදාට පෙර පිළිගත් විද්යුත් නාලිකා සියල්ලෙම ප්රසිද්ධ දැන්වීමක් පලකර පාරිභොගිකයා දැනුවත් කරන ලෙසද මැලිබන් සමාගමට විනිවිද පෙරමුණ දන්වා තිබිණි.
කෙසේවුවද, ආදළ කාරණා කිසිවක් මෙතෙක් මැලිබන් සමාගම විසින් සිදු කර නොමැත.
සබැඳි පුවත්
දින 7ක් තුළ මැලිබන් ලෙමන් පෆ් වෙළඳ පොළෙන් ඉවත්කරන්න කියයි