Jan 27, 2021

අසන්ත ද මෙල්, තේරීම් කමිටු මහ පුටුවෙනුත් ඉවත් වෙයි!

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ධූරයෙන් ඉවත්වූ අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානත්වයෙන් ඉවත්වීමටද තීරණය කර තිබේ.

ද මෙල් මහතා කණ්ඩායම් කළමණාකරු ධූරයෙන් ඉවත්වීමෙන් අනතුරුව, එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාසවලදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ එම ධූරයට ජෙරොම් ලී ජයරත්න මහතා පෙරේදා (25) පත්කර තිබුණි.

සබැඳි පුවත් :
මෙල්ගෙන් හිස් වූ පුටුවට ජෙරොම් පත්වෙයි

අසන්ත ද මෙල් ක්‍රිකට් කළමණාකාරීත්වයෙන් ඉවත්වෙයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top