මෙලෙස මියගොස් ඇත්තේ ගෝනපොල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක් හා කොළඹ 15 ප්‍රදේශයේ 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (27) ප.ව. 09.40ට පළ කළ නවතම වාර්තාව අනුව අද දිනයේදී රෝගීන් 772ක් හමුවී ඇති අතර, මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 60,694ක් වේ.
මේ වන විට රෝගීන් 7,838ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 52,566ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.