උන්වහන්සේ බිම්තැන්නට නුදුරු මිනිපේ ස්ථානයට වැඩම කර සිටින විට මහියංගනයේ මහානාග නම් උද්‍යානයේ රැස්ව සිටි යක්ෂ සහ නාග ගෝත්‍ර දෙක අතර ගැටුමක් පැවති බව කියවේ.
එහිදී බුදුන් වහන්සේ එම ස්ථානයට වැඩමකොට ගැටුම සමථයට පත්කිරීමට පියවර ගත්බව සඳහන්ය.
මෙහිදී සුමන සමන් දෙවියන් මනුලොවට වැඩම කර බුදුන්වහන්සේගේ පළමු ලංකාගමනය සිහිපත් වනු පිණිස උන්වහන්සේගේ කේෂ ධාතු මිටක් ලබාගෙන මියුගුණ සෑය හෙවත් මහියංගන චෛත්‍යය ඉදි කර ඇතැයි පැවසේ.
බුදුරදුන් හමුවේ ධමනය වූ තුන්බෑ ජටිලයන්, බුද්ධාගම වැළඳ ගත්තේ ද අද වැනි පොහෝ දිනකදී බව සඳහන්ය.
බුදුන්වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූයේ යැයි සැලැකෙන දුරුතු පෝය අදට (28) යෙදී ඇත.
Last modified on Thursday, 28 January 2021 11:23
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362