හෙට සිට මෙරට ජනතාවට මෙම එන්නත ලබාදීමට කටයුතු කරනු ලබන බවත් මේ අනුව මෙම එන්නත සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙළ කණ්ඩායම් සඳහාත්, පොලිසිය සහ හමුදාව සඳහාත් පළමු මාත්‍රා ප්‍රමාණය ලබාදෙයි.
ඒ අනුව සෞඛ්‍ය අංශයේ ඉදිරිපෙළ කණ්ඩායම් එක්ලක්ෂ පනස් දහසක් පමණ සිටිතැයි බලාපොරොත්තු වන බවත් දෙවනුව එන්නත ලබාදෙනු ලබන පොලිසිය හා හමුදාව ඇතුළු පිරිස එක්ලක්ෂ පහළොස් දහසත්, එක්ලක්ෂ විසිදහසත් අතර ප්‍රමාණයකට මුල් මාත්‍රා ප්‍රමාණය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවැසීය.
මෙම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලැබීමට තෙවනුව සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් බවද හෙතෙම පැවැසීය.