Jan 28, 2021

ක්‍රිකට් ගොඩදාන්න මහේල - නාමල් වැඩට බහියි Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් ඊයේ (27) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. 

එහිදී තීන්දු 5 ක් ගෙන ඇති අතර නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම එහිදී ගනු ලැබූ සුවිශේෂී තීරණයක් ලෙස පෙනෙන්නට ඇත.  

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා, ජාතික ක්‍රිඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්‍ මෙම සාකච්ඡාවට එක්ව තිබේ.

තරඟකාරී අභ්‍යන්තර හා පළාත් තරගාවලියක් සංවිධාන කිරීම, විනය සහ ශාරීරික යෝග්‍යතාවට ප්‍රමුඛත්වයක් ලබාදීම, ක්‍රීඩකයින්ට දක්‍ෂතා පදනම් කර ගත් කොන්ත්‍රාත් ලබාදීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට සහායවීම සදහා අධ්‍යක්‍ෂවරයෙකු සහ උපදේශකවරයෙකු පත් කිරීම මෙම තීන්දු 5ට ඇතුලත් වේ. 

ක්‍රිකට් කඩා වැටීමට ක්‍රීඩා ඇමති හේතු කියයි

2015 ආණ්ඩු පෙරලියත් සමග ක්‍රීඩාව දේශාපාලනීියකරනය කිරීම හේතුවෙන්  ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටීමට ලක් වූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top