මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් පිහිටුවා ඇති තොරතුරු පනත සම්බන්ධ තොරතුරු සෙවීමේ අංශයට වාර්තා වී ඇත්තේ අදාළ ඉල්ලීම සිදුකර ඇත්තේ ශිෂ්ටලංකා2015 එකතුව විසින් බවයි.
ඒ අදනුව ඔවුන් ඉල්ලා ඇති තොරතුරු මෙසේය.
2017 ජනවාරි මස අවසන් වන විට රජයේ සේවයේ පත්වීම් ලැබ සේවයේ ඉන්නා විශේෂඥ වෛμවරුන්ද ඇතුළත්ව සිය ̈ වෛද්‍යවරුන් පිළිබඳ පහතින් සඳහන් විමසීම් සම්බන්ධයෙනි
අ) ඉහතින් සඳහන් විශේෂඥ වෛද්‍යවරුන්ද ඇතුළත්ව රජයේ සේවයේ පත්වීම් ලබා ඇති සිය ̈ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවන් වෙන් වෙන් වශයෙන් (නිදසුනක් ලෙස - සාමාන්‍ය වෛද්‍යවරුන්, ළමා වෛද්‍ය විශේෂඥ, හෘද විශේෂංඥ, මනෝ වෛද්‍ය විශේෂඥ යනාදී වශයෙන් ඔවුන් ශල්‍ය වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය නොවන යනුවෙන්ද)
ආ) ඔවුන් අතුරෙන් සායනික හා රෝහල් වාට්ටු සේවාවන්ට සම්බන්ධ නොවන, රෝහල් පරිපාලන කාර්යන්හි පමණක් නියුතු සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යාංශයේ කාර්යාලීය හා ව්‍යාපෘති කලමනාකරණ / පරිපාලන වගකීම් දරණ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව
ඇ) සෞඛ්‍ය අමාත්‍යාංශයේත් දෙපාර්තමේන්තුවේත් තිබෙන්නාවූ මාණ්ඩලික හා ඉහළ පරිපාලන/විධායක තනතුරු සංඛ්‍යාව
ඈ) සෞඛ්‍ය අමාත්‍යාංශයේත් දෙපාර්තමේන්තුවේත් එවැනි මාණ්ඩලික හා ඉහළ පරිපාලන/විධායක තනතුරුවල නියුතු වෛμවරුන්ගේ සංඛ්‍යාව
ඉ) සෞඛ්‍ය අමාත්‍යාංශයේත් දෙපා3⁄4තමේන්තුවේත් එකී තනතුරුවල නිරත වෛද්‍යවරුන්ගෙන් කොපමණ සංඛ්‍යාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික/සාමාජිකාවන් වන්නේද?
