Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Mar 01, 2017

“ගුරා” ලංකාවට - බංග්ලාදේශ මුල් තරගයෙන් වැඩ අල්ලයි Featured

වසර 1996 ලෝක කුසලාන ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අංක 3 පිතිකරුවා අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකරු ලෙසින් වැඩ බාරගැනීමට නියමිත බව වාර්තා වේ.

දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඔහු අද (01) හෝ හෙට (02) ලංකාවට පැමිණීමට නියමිතය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් සිටියේය.

නාලන්දාවෙන් ක්‍රිකට් පිටියට පිවිසි ඔහු බංග්ලාදේශ පිලට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිටම ශ්‍රී ලංකා පිල සමඟ එක්වීමට නියමිත බව පැවසේ.

ටෙස්ට් තරග 41 කට සහභාගි වී ඇති අසංක ගුරුසිංහ ශතක 7 ක් සමගින් ටෙස්ට් ලකුණු 2452 ක් ලබා ඇති අතර එක්දින තරග 147 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 3902 කි.

කෙසේවුද, කණ්ඩායමේ පරිපාලන කළමණාකරු වශයෙන් රංජිත් ප්‍රනාන්දු මහතා ඉදිරියටත් කටයුතු කිරීමට නියමිතය.

ගුරුසිංහ දේශබන්දු සම්මානයෙන් ද පිදුම් ලැබූවෙකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top