Pasidol
Sathosa Ad Final Sinhala
Mar 01, 2017

මහින්ද, රවිගේ අභියෝගය බාරගනී - නඩු පැවරීමට යයි Featured

බැඳුම්කර ගැසට්‌ පත්‍රයට තමාගේ නම හොරෙන් ඇතුළත් කිරීමේ සිද්ධිය පිළිබඳව හැකිනම් නඩු පවරන ලෙස මුදල් ඇමැති රවී කරුණානායක මහතා කරන අභියෝගය ඉතාමත් සතුටින් භාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවැසීය.

බැඳුම්කර ගැසට්‌ පත්‍රය සිය නම හොරට යොදා ගැනීම පිළිබඳ තමාට පමණක්‌ නොව මුළුරටේම ජනතාවට නීතිය හමුවට යා හැකි බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ඊට හේතුව මුදල් ප්‍රශ්න පොදුවේ සියලු ජනතාවට බලපාන නිසා බවද කීය.

''අද මෙම ප්‍රශ්න මුළු රටේම ආන්දෝලනයට ලක්‌වෙනවා. දියතලාවේ සිට අද හෙටම කොළඹ පැමිණි විගස මේ පිළිබඳව නීතිඥවරුන් සමඟ සාකච්ඡා කරනවා. මෙම ප්‍රශ්නය පිළිබඳව නීතිය හමුවට යන ලෙසට අභියෝග කර ඵලක්‌ නැහැ. මම එම අභියෝගය ඉතාමත් සතුටින් භාරගන්නවා.' යයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

මහින්ද ගෙන් මෛත්‍රීට පැසසුම් :
මේ අතර, පෙරේදා (27) වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,'' භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම සදහා කොමිසමක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බව'' පැවසිය. 

බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමා නීතිඥවරයෙකු හමු වී ඇති බව ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය. 

එමෙන්ම එවැනි චෝදනා එල්ල කිරීම ඉතා භයානක තත්ත්වයක් බව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදි වැඩි දුරටත් කියා සිටියේ ය.  

මේ අතර, මත භේදයකට ලක්ව ඇති බැඳුම්කර ගනුදෙනුවට අදාළ ගැසට් නිවේදනය වහාම අවලංගුකර, සංශෝධිත ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කතාබහට ලක්ව තිබේ.

සබැඳි පුවත්:

බැඳුම්කර ගැසට් පත්‍රය අපරාධ වරදක් !
''හොර හිතින් කළොත් හෙළිදරව් වෙනවා'' රවී ගෙන් මහින්දට ප්‍රතිචාරයක් 
බැඳුම්කර ගැසට් පත්‍රයට මහින්දගේ නම ආ හැටි 
මහ බැංකුවේ සමරසිරිට ජනතා බදු මුදලින් රැකවරණ ?
වැඩේ මාට්ටු ! - බැදුම්කර ගැසට් පත්‍රය ගැන මහින්දගෙන් නිවේදනයක් 
'මහ බැංකුවේ සමරසිරිගේ වැඩ තහනම් කරන්න' 
බැඳුම්කර ගැසට් නිවේදනයත් බොරු නම් තත්වය බරපතලයි ! 
බැදුම්කර ගැසට් පත්‍රයට නම දැම්මාට මහින්ද නඩු යයි. 
බැදුම්කරයට මහින්දගේ අත්සනින් නිකුත් වූ ගැසට් පත්‍රය මෙන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top