Feb 16, 2021

නීති අංශය විශ්වාස නෑ කියා නි. පොලිස්පතිනිය නීති සහය එපා කියයි  Featured

තමාගේ උසස්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨ‍ාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් පෙනී සිටීමට තවදුරටත් පොලිස් නීති අංශයේ සහාය අවශ්‍ය නොවන බව නියෝජ්‍ය පොලිස්පති බිම්සානි ජාසිංහආරච්චි පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා තිබේ.

එම ලිපියේ පිටපත් මහජන ආරක්ෂක ඇමැතිවරයාට හා අමාත්‍යාංශ ලේකම් හා නීතිපතිවරයාටද යොමුකර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම ඉදිරිපත් කළ නිලධාරීන් අතර පොලිස් නීති අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකරද සිටින බැවින් නීති අංශයෙන් ලැබෙන සහාය ගැන විශ්වාසය තැබිය නොහැකි බව ඇය සිය ලිපියෙන් දන්වා යවා තිබේ. 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 ක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ.

මෙවැනි නඩුවක් පැවැරූ බවට තමා දැනුවත් කිරීම පවා නීති අංශයේ අධ්‍යක්ෂවරයා මගහැර ඇති බවද ඇය පෙන්වා දී ඇත.

සබැඳි පුවත්

කාන්තාවකට නි.පොලිස්පති වෙන්න බෑ කියා පොලිසියෙන්ම පෙත්සමක්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top