Pasidol
Sathosa Ad Final Sinhala
Mar 01, 2017

ගල්කිස්සේ පිස්තෝල දෙක කුඩු රොහා මරන්න?

අද (01දා) පෙරවරුවේ ගල්කිස්ස අධිකරණය තුල තිබී සොයා ගත් පිස්තෝල දෙක කුඩු රොහා නැමැති පාතාල සාමාජිකයා ඉලක්ක කර ගෙන ගෙනඑන ලද්දක් බවට පොලිසියේ බුද්ධි අංශ වෙත සැක පහළ වී ඇතැයි වාර්තාවේ.

පසුගිය කාලයේදී සුදේශ් වසන්ත නොහොත් ලන්සියා නැමැති පාතාල සාමාජිකයාව මහර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී ඝාතනය කරන ලද්දේ කුඩු රොහා නැමැත්තා විසින් බව පැවසේ. මේ නිසා ලන්සියාගේ ඝාතනයට පළිගැනීමක් වශයෙන් ලන්සියාගේ ගෝලයෙක් වන අංජු නැමැත්තා විසින් මෙසේ කුඩු රොහා ඝාතනයට සැලසුම් කර ඇති බවට පොලිසිය සැක පහල කරයි.

මීට ටික කලකට පෙර කුරුණෑගල ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ ඝාතකයා වන්නේ කුඩු රොහා නැමැත්තා බවද පැවසේ.

සබැඳි පුවත්
පිස්තෝල 2ක් නිසා ගල්කිස්ස අධිකරණය රත්වෙයි !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top