ලබන මාර්තු 02 වැනිදා මෙම හමුව පැවැත්වෙනු ඇති බව පැවසේ.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වනු ඇති බව දැනගන්නට තිබේ.
මේ අතර ඊයේ (21) කටුවාපිටිය දේවස්ථානය ඉදිරියේ පැවැති විරෝධතාවකට සහභාගි වෙමින් උන්වහන්සේ කියා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කල ජනාධිපති කොමිසමේ වාර්තාවේ අඩංගු කරුණු අවශ්‍ය හා අනවශ්‍ය ලෙස බෙදා වෙන්කිරීම සම්බන්ධයෙන් තමන්ද දැඩි අප්‍රසාදය පළකරන බවයි.
අදාළ වාර්තාව කඩිනමින් ප්‍රසිද්ධ කරන්නැයි ද කාදිනල් හිමිපානන් එහිදී ඉල්ලා සිටියේය.
උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ.