Feb 21, 2021

රන්ජන්ගේ හිරේ කාඩ්එක; ලීටර් පහේ බෝතල් වැඩෙත් මාට්ටු ! Featured

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිවු වසරක් සිරදඬුවම් නියමවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ට සිරකරුවකු ලෙස ලබාදෙන අංකය මේවන විට නිකුත් කර තිබේ.

ඒ අනුව ඔහුව මින් ඉදිරියට අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරය තුළ හඳුන්වනු ලබන්නේ N 12516 ලෙසය. නැත්නම් ඔහුගේ හිරේ කාඩ්එක N 12516 ය වේ.

රාමනායක මහතා මේ වන විට වැඩ පාටියකට දමා ඇතැයි වාර්තා වේ.

එම පාටියේ වැඩ කිරීමට රන්ජන් උනන්දුවුවද සෙසු සිරකරුවන් ඔහුට කිසි වැඩක් කිරීමට ඉඩ නොතබන බව පැවසේ.

අනෙකක් තියා රන්ජන්ට රිමාන්ඩ් බත් පතේ රස බලන්නට හෝ ඔවුන් ඉඩ තබා නැති බව වාර්තා වේ.

එය එසේ වුවද රන්ජන්ට නෑමට නම් සිදුව ඇත්තේ සිරකරුවන්ට වෙන්වූ එළිමහනේ පිහිටි ජල ටැංකිවලින් බාල්දියෙන් බවද වාර්තා වේ.

රන්ජන් සිරකරුවන් අතර වීරයකු වී සිටියද, සිය දේශපාලන මිතුරන් අතරින් රන්ජන් බැලීමට පැමිණ ඇති එකම දේශපාලඥයා වන්නේ හම්බන්තොට දිලිප් වෙදආරච්චි මහතා පමණක් බවද පැවසේ.

බෝතල් වැඩේ...

රන්ජන් බන්ධනාගාරය ඇතුළේ සිටියත් සිය සිරුරේ හැඩය පවත්වාගෙන යාමට ව්‍යායාමවල නිරතව සිටින බවද වාර්තාවන අතර ඔහු ඇතැම් ව්‍යායාම උපකරණ සකස්කරගෙන ඇත්තේ ලීටර් පහේ ජල බෝතල් දෙකකට ජලය පුරවා එය කොසු මිටක් වැනි ලීයක සවිකර ගනිමිනි.

මේ දිනවල කොරෝනා තත්ත්වය හේතුවෙන් වැඩ පාටියට වැඩත් අඩු බැවින් සෙසු සිරකරුවෝ ගිනි දවල් ද ක්‍රීඩා කිරීම ඔවුන්ගේ දින චර්යාවේ සුපුරුදු අංගයක් වුවද රන්ජන් එයට නම් එක් නොවන බවද වාර්තා වේ.

කෙසේවවුද, රන්ජන්ගේ සුපුරුදු කොණ්ඩය නම් දැන් ඔහු සතු නොවෙන අතරම සෙසු සිරකරුවන් මෙන්ම කොණ්ඪය මුඩු කිරීමෙන් පසුව ඔහුගේ තට්ටයද දැන් හොදින් පෙනෙතැයි පැවසේ.

සබැඳි පුවත්
රන්ජන් අගුණුකොළපැලැස්සේ රජ වෙයි!

රන්ජන් හිරේ සිට සජිත්ගෙන් කළ ඉල්ලීම!

රන්ජා ට බරපතළ වැඩ සහිත සිව් වසරක සිරදඬුවමක්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top