ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද සාකච්ඡා වූ බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවක දී වීරක්කොඩි අමාත්‍යවරයා සඳහන් කළේ පාතාලය මර්දනය කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පොලිසියට පැවරෙන බවයි.
අද පොලිසියට පූර්ණ ස්වාධීනත්වය සහ නිදහස ලැබී ඇති බවත් ඒ හේතුවෙන් මෙම පාතාල ක්‍රියා කඩිනමින් මැඩලිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
'පළමු අවස්ථාව නොවේ' - රාජිත
මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, පසුගියදා කළුතර දී සිදුවූ වෙඩිතැබීම පිළිබඳ මාධ්‍යවේදීන් කල විමසීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන බවය.
"මේ තාම පළවෙනි අවස්ථාව මේ ආණ්ඩුව යටතේ. පසුගිය ආණ්ඩුව කාලේ කොච්චර වුණාද? මේ වෙනකොට කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපතිගේ මම හිතන්නෙ වැඩ තහනම් කරලා තියෙනවා. අවශ්‍ය පරීක්ෂණ කරගෙන යනවා. කොච්චර කළත් ඉතින් මේ ලංකාවනේ," යයි ඔහු කියා සිටියේය.