Feb 22, 2021

කොදෙව් දූපත්වලට යන්න ඔන්න මෙන්න තියා වාස් අයින් වෙයි! Featured

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් යටතේ කටයුතු කළ අනෙකුත් ධූර වලින්ද ඉවත්ව ඇත. ඔහු ශ්‍රී ලංකා A පිලේ පන්දුයවන පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කරමින් සිටියේය.

ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරය සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායම පිටත් වීමට පැය ගණනකට පෙර ඔහු මෙලෙස සිය ධූරයෙන් ඉවත් වී ඇත්තේ ගෙවීම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් මත බව පැවසේ.

මීට අමතරව, මෙම සංචාරය සඳහා නම් කර තිබූ සංචිතයේ සිටි වේගපන්දු යවන ළහිරු කුමාර හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව අද (22) පෙරවරුවේදී වාර්තා විය. ඒ අනුව, ඔහු වෙනුවට සුරංග ලක්මාල් නම් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top