Feb 23, 2021

Covid-19 රෝගීන් 80,000යි මරණ 450යි Featured

සෞඛ්‍ය බලධාරීන් විසින් ඊයේ (22) දිනයේදී ද තවත් Covid-19 මරණ 05ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 450ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශය විසින් අද ප.ව. 09.00ට පළ කළ නවතම වාර්තාව අනුව අද දිනය තුළ රෝගීන් 518ක් හමුවී ඇති අතර, මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 80,517කි.

මේ වන විට රෝගීන් 4,957ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 75,110ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

Info Press Release 192

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top