Pasidol
Sathosa Ad Final Sinhala
Mar 01, 2017

GSP+ ලබා ගැනීමට ස්පාඤ්ඤයේ සහය

GSP+ සහනය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සම්පුර්ණ සහයෝගය ලබා දෙන බවට යුරෝපා සංගමය නියෝජනය කරන ස්පාඤ්ඤයේ සහතික වේ.

ඒ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍ය අල්ෆොන්සෝ දාස්ටිස් කුසෙඩෝ මහතා හමුවූ අවස්ථාවේදීය.

ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වෙනි සැසිවාරයට සමගාමීව, අද දින (01), මෙම සාකච්ඡා පවත්වන ලදී.

දෙරටේ ආයෝජනය හා වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සදහාත් ද්වීපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කිරීම සදහාත් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ලෙස අමාත්‍ය සමරවීර මහතා ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍ය කුසෙඩෝ මහතාට ආරාධනා කළේය.

ශ්‍රී ලංකාවේ ස්පාඤ්ඤ තානාපති කාර්යාලයක් ස්ථාපනය කිරීමට ස්පාඤ්ඤ රජය අපේක්ෂා කරන බව අමාත්‍ය කුසෙඩෝ මහතා එහිදී ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top