මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන මහත්වරුන්ට සහ බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් නම් කර ඇත.
මොවුන්ට අධිකරණයේ පෙනී සිටින මෙන් ඊයේ (21) නොතීසි නිකුත් කරන ලෙසට ද නියෝග කෙරුණි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පෙත්සම්කරු නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටියේ බෙල්ලන්විල රජමහා විහාරයේ ස්වාමින් වහන්සේ හෝ පොලිස්පතිවරයා හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරයා අද දිනයේදී අධිකරණයට පැමිණ නොසිටි බවත්ය.