මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් නිවේදනයක් නිකු කරමින් කියා සිටින්නේ ශ්රී ලංකා කණ්ඩායම තරග සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතව සිටියදී සහ ලොවපුරා රටවල් මේ වන විට මුහුණදී ඇති ආර්ථික ගැටළු සහගත වාතාවරණය අතරතුර වාස් සිය ධුරයෙන් ඉවත්වීම කිසිසේත්ම පිළිගත නොහැකි වගකීම් විරහිත ක්රියාවක් බවයි.
ඒ අනුව මාර්තු මස 26 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වේග පන්දු පුහුණුකාර ධුරයෙන් චමින්ද වාස් ඉල්ලා අස්වී ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ අතර, චමින්ද වාස් සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් යොමුකරමින් කියා සිටින්නේ තමා නිහතමානී ඉල්ලීමක් කළ බවත්, එය ශ්රී ලංකා ක්රිකට් ඉවත දැමූ බවත්, දැනට කීමට ඇත්තේ එපමණක් බවයි.
(අදාළ ට්විටර් පණිවුඩය පහත දැක්වේ.)
ශ්රී ලංකා A පිලේ පන්දුයවන පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කරමින් සිටි වාස් අදාළ ධූරයෙන්ද ඉවත්ව ඇති අතර, ඔහුට ඒ සඳහා ගෙවන ලද රුපියල් ලක්ෂ 5 1/2 ක ගෙවීම හැරෙන්නට ශ්රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් ලද පත්වීමට අමතර ගෙවීමක් සිදු කිරීමට ශ්රී ලංකා ක්රිකට් ඉදිරිපත්ව නැති බව මේ අතර වාර්තා වේ.
වාස්ට වැඩිපුර ගෙවීමක් සිදුකර නැත්තේ ඔහු අදාළ තනතුරට පත්කරනු ලැබුවේ තාවකාලික පදනමෙන් නිසා බව ක්රිකට් ආයතන මතය බවද මේ අතර වාර්තා වේ.
මීට පෙර ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඬේවිඞ් සේකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව වාස් අදාළ ධූරයට පත්වූ අතර ඩේවිඩ් සේකර්ට වැටුප් ලෙස ඇමරිකානු ඩොලර් 10,000/- ක් ගෙවා ඇති බවද වාර්තා වේ.
වාස් සමඟ එකම පිලේ ක්රීඩා කළ අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, මුත්තයියා මුරලිදරන් හා රොෂාන් මහානාම වැනි අය ක්රිකට් හරි මගට ගැනීමට පත් කළ කමිටුවල සේවය කරද්දී මේ තත්ත්වය සමතයකට පත් කිරීමට ඔවුන් මැදිහත් නොවීම සම්බන්ධයෙන්ද මේවන විට දෝශාරෝපනය එල්ලවී තිබේ.
මේ අතර, ශ්රී ලංකා පිලේ වත්මන් කළමනාකරු ලෙස කටයුතු කරනු ලබන ජෙරම් ජයරත්න මහතා ඔහුගේ දීමනා කීප අවස්ථාවකදී වැඩි කර ගැනීමෙන් පසුව මේවන විට රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් ලබා ගන්නා බව පැවසේ.