Feb 23, 2021

පොලිසියට වැලි ගසා පානදුර වෙඩික්කාරයෝ රට පැනලා  Featured

පානදුර, පල්ලේමුල්ලේ දී මත්කුඩු ජාවාරමට සම්බන්ධ වූ කොන්ත්‍රාත්තුවකට ධීවරයකු ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා රටින් පැනගොස් ඇතැයි වාර්තා වේ.

මේ ඝාතනය හවුල් වූ වෙඩික්කරු බෝට්ටුවකින් ඉන්දියාවට පැණගොස් ඇති අතර, යතුරු පැදිය ධවනය කළ අය පසුගිය 10 වැනිදා කටුනායක ගුවන් තොටුපලින් ඩුබායි වෙත ගොස් ඇතැයි පැවසේ.

එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවකින් ඔහු ඩුබායි වෙත ගොස් ඇත්තේ සංචාරක වීසා මත බවත්, එක්දින සේවයෙන් ලබාගත් ගුවන් ගමන් බලපත්‍රයකින් ඔහු මෙසේ ඩුබායි වෙත ගොස් ඇතැයි ද වාර්තා වේ.

හපුආරච්චිගේ දොන් පියුම් හස්තක නැමැති එම යතුරුපැදිකරු 1998 වසරේ නොවැම්බර් 27 වෙනිදා කළුබෝවිලදී උපන් අයෙකි. 

ඔහුගේ පදිංචි ලිපිනය ලෙස සැලකෙන්නේ පානදුර අළුබෝමුල්ලේ අරුක්ගොඩ, කමරදූවයි. 

මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බවද පැවසේ.

මේ අතර, මවුරට වාර්තා කර ඇත්තේ පොලීසිය සමග සෙල්ලම් කරමින් වෙඩි තැබූ ගිනි අවිය වෙනුවට වෙනත් අවියක් පානදුරේ සුසාන භුමියක දමා සැබෑ යතුරු පැදිය වෙනුවට සොරාගත් යතුරු පැදියක් බොල්ගොඩ ගඟට දමා පොලිසියට ඔත්තු දෙමින් ඝාතකයන් පොලිසිය නොමඟ යවා රට පැනගොස් ඇති බවයි.

පානදුර පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් කළ පරීක්ෂණවලට නිරන්තරයෙන් ඇඟිලි ගසමින් එම විමර්ශනවලට බාධාකරමින් පොලිස් ලොක්කෙක් කටයුතු කර ඇති බවට ද එම වෙබ් අඩවිය අනාවරණය කර තිබේ.

ගිනි අවිය සහ යතුරු පැදිය අපරාධකරුවන් විසින් එම අපරාධයට යොදාගත් එක බව සඳහන් කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ද නොමඟ යවා ඇති බව එහි දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top