Feb 23, 2021

නාමල්ගේ හිතුවක්කාර තීන්දුවෙන් ක්‍රිකට් පිලට නිල භාවය අහිමි වෙලා! Featured

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනතට අනුව රට නියෝජනය කිරීම සදහා ඕනෑම ජාතික කණ්ඩායමක් තේරීමට බලය ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ ජාතික තේරීම් කමිටුවට පමණක් වන අතර එවැනි බලයක් නොවූ දෙදෙනෙකු එක්ව කොදෙව් සංචාරයට තෝරාගන්නා ලද ශ්‍රී ලංකා පිලට නිල භාවය අහිමිව ඇති බව ක්‍රීඩා කේෂත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඕනෑම ජාතික කණ්ඩායමක් පිටත්ව යාමට දින 21 කට පෙර ක්‍රීඩා අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතුව ඇති බවද පැවසේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරය සදහා අද පිටව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීමේදී ජාතික ක්‍රීඩා පනතේ සදහන් මෙම වගන්ති දෙකම උල්ලංඝනය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ප්‍රමුඛ කමිටුව පසුගියදා ඉල්ලා අස්වීමෙන් පසුව එම කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙක් ගෙන්වා මෙම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගෙන තිබිණි.

ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන තිබුණේ සංචාරයට ශ්‍රී ලංකා පිල පිටත්වීමට දින දෙකකට පෙරදීය.

මේ අතර, අදාළ සංචාරයේදී තරගයෙන් තරගයට ක්‍රීඩකයන් නම් කිරීම ගැටලුවක් බවට පත්ව තිබේ.

ඒ වෙනත් සංචාරවලදී තරගයෙන් තරගයට කණ්ඩායම නම් කිරීම සංචාරයට එක්වන තේරීම් කමිටු සාමාජිකයකු විසින් සිදුකරනු ලබන අතර මේ සංචාරයට එවැනි තේරීම් කමිටු සාමාජිකයකු එක් නොවීම නිසා මේ ගැටලුව ඇතිව මතුව ඇත.

මේ සම්බන්ධයෙන් අන්තර් ජාල මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ සංචාරයට එක්ව ඇත්තේ ද හොරාට නම් කළ සංචිතයක් වන අතරම, එහි තරගයෙන් තරගයට ක්‍රීඩා කරන්නේද හොරාට නම් කරන කණ්ඩායමක් වන බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top