Feb 23, 2021

නාකොටික් 13 ඇතුලු 17 යළි රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනා ලැබ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් 13 දෙනා ඇතුලු සැකකරුවන් 17 දෙනා ලබන මස 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (23) නියෝග කර තිබේ.

සිද්ධියේ 16 වන සහ 17 වැනි සැකකරුවන් දෙදෙනා වන බෝට්ටු හිමිකරුවන් දෙදෙනෙකු රහස් ප්‍රකාශ ලබාදීම සඳහා අවශ්‍ය යැයි අධිකරණයට දැනුම් දුන්නේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top