Feb 23, 2021

පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මෙරටට පැමිණෙයි (වීඩියෝ / ඡායා)

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (23) සවස දිවයිනට පැමිණ තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඛාන් මහතා වෙත හමුදා උත්තමාචාර පැවැත්වුණු අතර, ඔහුව ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබේ.

ඛාන් මහතා, කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වේ.

අද සවස දෙරට අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් ද නිකුත් කිරීමට නියමිතය.

IK MR1 670px 21 02 24IK MR1 670px 21 02 24IK MR1 670px 21 02 24IK MR1 670px 21 02 24IK MR1 670px 21 02 24

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top