ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් උපුල් තරංග විසින් සිය තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.
2005 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් උපුල් තරංග 2017 වසර දක්වා ටෙස්ට් තරග 31කට සහභාගී වෙමින් ලකුණු 1,754ක් රැස්කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් 2005 වසරේ සිට 2019 වසර දක්වා එක්දින ජාත්‍යන්තර තරග 235කට සහභාගී වෙමින් ලකුණු 6,951ක් ලබාගෙන ඇති උපුල් තරංග සහභාගී වී ඇති විස්සයි 20 ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 26කි.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ඔහුට අවසන් වරට අවස්ථාවක් හිමි වූයේ 2019 වසරේ මාර්තු මාසයේදීය.