Feb 23, 2021

හිටපු ජනපතිට අපරාධ චෝදනා ගොණු කරන්නැයි නිර්දේශ

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධමය චෝදනා ගොණු කිරීමට ඇති හැකියාව නීතිපතිවරයා විසින් සළකා බැලිය යුතු බවට එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කල ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ.

ඒ ප්‍රහාරය සිදුවීම වළක්වා ගැනීම සඳහා සිය වගකීම නිසි ලෙස ඉටු නොකිරීමේ චෝදනාවට අදාළවය.

එමෙන්ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ එවක බස්නාහිර පළාත භාරව කටයුතු කල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන අයට එරෙහිවද අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පියවර ගත යුතු බවටයි කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top