Feb 26, 2021

60ක් පැනලා, 27ක එකක් බිඳලා

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ මසත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු බිඳ හෙලුවේ මීට පෙර එංගලන්තයේ කොලින් ජැක්සන් පිහිටුවා තිබු වාර්තාවකි.

එහිදී මීටර 60 කඩුලු මතින් දීවිමේ තරග ඉසව්ව තත්පර 7.29කින් අවසන් කළ 23 හැවිරිදි ග්‍රාන්ට් හොලොවේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

1994 වසරේ දී මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්පර 7.30කින් නිම කළ කොලින් ජැක්සන් හට එම වාර්තාව හිමිව තිබුණි.

ඒම වාර්තාව පිහිටුවා තිබුණේ වන අතර ඒ අනුව ග්‍රාන්ට් හොලොවේ ඊයේ බිඳ හෙලුවේ වසර 27ක් පැරණි වාර්තාවකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top