ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයත්, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමත් අතර දිගු කාළයක් තිස්සේ පවත්වා ගෙන එනු ලබන ඉහළ මිත්රශීලීභාවයත්, දිනෙන් දින වර්ධනය වන සහයෝගිතාවයත් මුල් කර ගනිමින් මෙම පරිත්‍යාගය සිදු කර ඇත.
ආරක්ෂිත ඇදුම් කට්ටල 270 ක්, පාවහන් ආවරණ පෙට්ටි 01 ක්, බැහැර ලිය හැකි මුහුණු ආවරණ 24,000 ක්, කේ.එන්.- 95 මුව ආවරණ 4,800 ක්, ආරක්ෂක ඇස් කණ්නාඩි 120 ක්, අත් ආවරණ 500 ක් සහ ජීවානුහරණ ලාම්පු උපකරණ 05 ක් එසේ ලබාදුන් පරිත්‍යාගයට අන්තරගතව තිබේ.
එම උපකරණ ප්රදානය සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශක හූ වෙයි මහතා සහභාගී වූ අතර, ඒවා භාර ගැනීම සදහා සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වී.ඒ.ආර්.එස්.සෝවිස් මහතා විසින් සිදු කෙරුණි.