Feb 26, 2021

තවත් කොරෝනා මරණ 5ක්; ආසාදිතයන් අසූදෙදහස පන්නයි Featured

තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 464 කි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් ගණන 82,180කි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top