තේ දලු පසු අස්වනු හානිය 28%ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා ඉන් 25%කටත් වැඩි හානියක් සිදුවන්නේ තේ දලු ප්‍රවාහනයේදී බවද කියා සිටී.
කර්මාන්තශාලා වෙත තේ දලු ප්‍රවාහනය කිරීමේදී මෙන්ම තේ දලු ඇසුරුම් කිරීමේදී මෙම හානිය සිදු වන බවද ඔහු පෙන්වා දෙයි.
කර්මාන්තශාලා වෙත තේ දලු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථ 8,000 ක් පමණ තේ වගා දිස්ත්‍රික් 13 පුරා සේවයේ යොදවා ඇති බවත් එම වාහනවල තේ අස්වනු නිසි ලෙසින් ප්‍රවාහනය කළ යුතු ආකාරය මෙන්ම තේ ඇසුරුම් කිරීම සඳහා ප්ලාස්ටික් කූඩවල බහා තේ දලු කර්මාන්ත ශාලා වෙත ප්‍රවාහනය කිරීම වර්ධනය කිරීමට කඩිනම් පියවර ගැනීමට කටයුතු යොදන ලෙස තමා උපදෙස් දී ඇතැයි ද ඔහු කියා සිටී.
තේ මණ්ඩලයට සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට ප්ලාස්ටික් කූඩ සඳහා වටිනාකමෙන් සියයට 50 ක සහනාධාරයක් ලබා දීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.
එමෙන්ම ප්ලාස්ටික් තේ දලු ප්‍රවාහන කූඩ වලට අමතරව විශේෂ ශක්තිමත් බවකින් යුත් දිගු කලක් භාවිතා කළ හැකි ලණු කූඩ විශේෂයක් හඳුන්වා දීමට නියමිත බවද ඇමැතිවරයා කීය.