Mar 04, 2021

තවත් Covid-19 මරණයක් හා රෝගීන් 356ක් Featured

සෞඛ්‍ය බලධාරීන් විසින් ඊයේ (03) දිනයේදී එක් Covid-19 මරණයක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 484ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ ප.ව. 09.30ට පළ කළ නවතම වාර්තාවට අනුව එම දිනය තුළ රෝගීන් 356ක් හමුවී ඇති අතර, මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 84,226කි.

මේ වන විට රෝගීන් 3,305ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 80,437ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top