Mar 04, 2021

නිවේදන නිකුත්කර මුතුරාජවෙල සුරක්ෂිත කරන්න බෑ Featured

මුතුරාජවෙල තෙත්බිම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය කොතෙක් මාධ්‍ය නිවේදන නිකුත් කළ ද, එම භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම හරහා සිදුවිය හැකි බලපෑම් වෙනස් නොවන බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

මුතුරාජවෙල තෙත්බිම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත්තද, එහි සියලු සංරක්ෂණ කටයුතු සිදුකරනු ලබන්නේ පරිසර, වනජීවී, වන සංරක්ෂණ හා පහත්බිම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතනවල මැදිහත්වීමෙන් බවයි පරිසර අමාත්‍යංශය මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි. 

සංවර්ධනය සහ සංරක්ෂණය අතර වෙනස අවබෝධ කර ගනිමින් පරිසර අමාත්‍යංශය ක්‍රියා කළ යුතු බවයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන් වහන්සේ.

පොරොන්දු කඩකිරීම ගැන කාදිනල්ගේ අප්‍රසාදය

තමන් වහන්සේට ලබාදුන් පොරොන්දු කඩකරමින් මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීම  පිළිබඳව බලවත් අප්‍රසාදය පළකරන බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරයි.

මුතුරාජවෙල ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි

මුතුරාජවෙල තෙත් බිම් කලාපයෙහි නීතියට පටහැණි ආකාරයෙන් ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සිදු වන්නේ දැයි සොයා බලා මේ වන විට එහි ඇති තත්ත්වය පිළිබඳ වාර්තාවක් මේ මස 9 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට ඊයේ (03) නියෝග කළේය.

මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ වන නීති විරෝධි ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සහ කසළ බැහැර කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් කැඳවූ අවස්ථාවේදී මේ නියෝගය කරන ලදී.

සබැඳි පුවත්

මුතුරාජවෙල UDA යටතට ගැනීම සැකයක් - පරිසරවේදීන් කියයි

මුතුරාජවෙල, නාගරික සංවර්ධන අධිකාරිය යටතට (වීඩියෝ)

මුතුරාජවෙල අභයභූමියක් ලෙස ගැසට් කිරීමට අවශ්‍ය ඉඩම් මැන අවසන්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top