File Photo File Photo
Mar 06, 2021

ඇල්ල රක්ෂිතයේ ගින්න තවදුරටත් - අක්කර 15ක් විනාෂයි

බදුල්ල, රාවනා ඇල්ල රක්ෂිතයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ ගින්න නිවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවය.

ඊයේ (06) රාත්‍රියේ සිට පවතින මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 15කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

මේ අතර මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා වනජීවි නිලධාරීන්, පොලිසිය, යුද හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top