මේ තත්ත්වය හේතුවෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා කලකිරීම ඉහල ගොස් ඇති බව ආණ්ඩුවේ මැතිඇමතිවරුන් ජනපතිවරයා හා අගමැතිවරයා දැනුවත් කර ඇතැයි පැවසේ.
අදාළ සහන කාලයේ ගෙවීම් ලීසිං කොම්පැනි හා බැංකු නැවත ලීසිං කර ඇති බවට ද පාරිභෝගිකයන් චෝදනා කරති.
මෙම කාලය සඳහා සියයට 11.5 ක විශාල පොලියක් ගෙවන ලෙස අදාල බැංකු හා ලීසිං සමාගම් විසින් පාරිභෝගිකයනට දන්වා යවා ඇත.
ඇතැම් ලීසිං සමාගම් විසින් හිඟ මුදල හා පොලිය ගෙවන ලෙසත් නැතහොත් නීතිමය පියවර ගන්නා බවටත් පාරිභෝගිකයන් වෙත දන්වා තිබේ.
මේ අනුව වහාම සහන සපයන ලෙස සමස්ත ලංකා ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුව විසින් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.
අදාළ ලිපිය පහත දැක්වේ.
සබැඳි පුවත්
ආර්පිකෝ ෆයිනෑන්ස් එකෙන් ලීසිං අරන් වෙච්ච ඇබැද්දියක් | හඬ පටය
ලීසිං සමාගම්වල කඩදාසි විජ්ජාව එරෙහිව විරෝධතා!
ලීසිං කොම්පැනිවලට වාහන උස්සන්න බෑ - නඩු දාන්න පුළුවන්
අගමැති ලීසිං අධිභාරය නවතා දැමීමට පොටක් සොයයි!
ආර්පිකෝ සීසර්ලා වැඩ අල්ලයි - ජනපති පොලිසියට දුන් නියෝගය විසිවෙයි