Mar 02, 2017

'මහාපරිමාණ දුෂකයින් ටොප් 10 තේරීම විහිළුවක්'

මහාපරිමාන දුෂණ වංචා සිදු කළ පුද්ගලයින්, ටොප් 10 තේරීම විහිළුවක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.

කළුතර "රෝලන්ඩ්” උත්සව ශලාවේ අද (02) පැවති කළුතර දිස්ත්‍රික්කයේ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධවේදීන් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින් ඔහු එබව පැවසිය.

මෙම රැස්වීම සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබුනි.

මෙම රැස්වීම අමතා අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

ජාවාරම් කරන්න ඉඩ දෙන්නේ නැහැ:

සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්තත් අපේ රට පිළිගත්තේ නැහැ. වර්තමානයේ ඖෂධ ගැන නොදන්නා මැණික් ගරපු පුද්ගලයින් ද ඖෂධ ගැන ප්‍රකාශ නිකුත් කරනවා.

ඒකාබද්ධ විපක්ෂයේ සිටින මෙම පුද්ගලයින් ඖෂධවේදය ගැන ජනතාවට කරුණු කියනවා.

පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ගැන ඉංග්‍රීසියෙන් කියන්නවත් ඒ මන්ත්‍රීතුමා දන්නේ නැහැ.

හැබැයි ඖෂධ වල ගුණ අගුණ කියනවා. එහෙම කියන්නේ ඖෂධ සමාගම්වල වුවමනාව මතයි.

ඖෂධ වෙළෙදාමේ යෙදෙන පුද්ගලයින් දන්නවා එහි භයානකකම ගැන.

ඖෂධ මිල අඩු කිරීම සහ දුම්කොළ සදහා බදු පැනවීමෙන් පසු මාර හමුදාව වගේ මට පහරදීමට එනවා. නමුත් ජනතාවගේ මුදල් කොල්ලකන්න, ජාවාරම් කරන්න මම ඉඩ දෙන්නේ නැහැ.”

පිළිකා ඖෂධ සදහා දෙවන ඖෂධයක් රුසියාවෙන් ආනයනය කිරීම පිළිබදව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. මෙහි ඇත්ත තත්ත්වය ඔවුන් දන්නේ නැහැ.

මිලියන 700 ක් ඉතිරි කර ගත්තා :

මෙම ඖෂධය ආනයනය කිරීමෙන් රුපියල් මිලියන 700 ක් ඉතිරි කර ගැනීමට අපට හැකි වුනා. එහෙම ඉතිරිකර ගත්ත එක වැරදියි කියලා ඔවුන් අල්ලස් කොමිසමට යනවා.

ඕනෑම කොමිසමකට යන්න ඔවුන්ට පුළුවන්. එහි ආරක්ෂක අංශයත් යන්න ඉඩදෙනවා. ඒ වගේම පැමිණිලිත් බාර ගත්නවා.

හැබැයි මහාපරිමාන දුෂණ වංචා සිදු කළ පුද්ගලයින් තමයි ටොප් 10 කවුද කියලා තීන්දු කරන්නේ.

එම තීන්දුකරුවන්ගේ දුෂණ වංචා ගැන බිරින්දෑවරු අධිකරණයේ දී කරුණු හෙළිකර තිඛෙනවා.

අනගාරික ධර්මපාලතුමත් එදා ප්‍රකාශ කළා ලංකාවේ නැවත ඉපදෙන්න එපා කියලා. මෙහෙම පුද්ගලයින් එදත් සිටින්න ඇති.

ඖෂධ ජාවාරම නතර කරන්න, ඊට මුහුණ දෙන්න මම සුදානම් මගේ පිටුපස හමුදාවක් වගේ සිටිමින් ඔසුසල් හිමියන් ඊට උදවු කරනවා.” යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදි.


අවශ්‍ය වෙලාවට පක්ෂය තෝරා ගන්නවා :

"විවිධ දර්ශන තිඛෙන්නේ පක්ෂවල නොවෙයි. නායකයින් වෙනස් වනවිට දර්ශණයත් වෙනස් වෙනවා. මම අවශ්‍ය වෙලාවට පක්ෂය තෝරා ගන්නවා හන්දිගානේ කෑ ගසමින් බලය ලබාගන්න බැහැ. '' යයි ද ඔහු කියා සිටියේය.

මෙම අවස්ථාවට කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා සමස්ත ලංකා ඔසුසල් හිම්යන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ඇතුලු නිලධාරී මණ්ඩලය ද එක්ව සිටියහ.


සබැඳි පුවත්


මිලියන 990ක වංචාවක් : රාජිතත් 'ටොප් 10' ලයිස්තුවට !

'ඖෂධ මාෆියාවේ ඕනෑම අභියෝගයකට සුදානම්' - රාජිත 

ඖෂධ සමාගමක් රාජිතට එරෙහිව නඩු මගට !

'හොර වෛද්‍ය සංගමයක්' : රාජිත CID යයි 

පිළිකා ඖෂධ ටෙන්ඩරයක් අත්හිටුවයි 

කෝටි 1 1/2 ක්‌ පාඩු කළ ඖෂධ සමාගම කට්ටිපනි ! 

පිළිකා රෝගීන් බිලිගන්නා හොර ඖෂධ ජාවාරමක් 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top