ඇය මිය යනවිට 86 වැනි වියේ පසුවූවාය.
නිවසේදී සිදුවූ ඇදවැටීමකින් පසුව රෝහල් ගතකරන ලද ඇය දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ.
ඇය දරුවන් තිදෙනකුගේ මවකි.
ඇය නැටුම් ශිල්පී පණීභාරතයන්ගේ ශිෂ්‍යාවකි. එහෙත් විවාහයෙන් පසුව ඇය අමරදේවයන් වෙනුවෙන්ම කැපවූවාය.
දේහය හෙට (09) පෙරවරු 8.30 සිට පස්වරුව දක්වා බොරැල්ල, ජයරත්න මල්ශාලාවේ ප්‍රභූ අංශයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබේ.