එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් ලැදි හා උනන්දුවක් ඇති මොවුන්ට පුහුණුව සඳහා විදුහලේ කුඩා ක්‍රීඩා පිටියක් ඇතත් එහි ක්‍රිකට් පිච් එකක් හෝ මැටිමක් නොමැත.
ක්‍රිකට් ආම්පන්නද නොමැත. ඇත්තේ ප්‍රදේශයේ ක්‍රීඩා සමාජයකින් ණයට ඉල්ලා ගත් පමණට වඩා ලොකු උපකරණය.
ගරු සේවයක් ඉටු කරන ඔවුන්ගේ පුහුණුකරු විසින් ඒවා සොයා දී තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට දන්වා ඇතත් මේ දක්වා ප්‍රති චාරයක් ලැබී නොමැත.
ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා යටතේ පාසල් ක්‍රීඩාංගණ පිළිසකර දීම කර දෙන ව්‍යාපෘතිය යටතේ මෙම ක්‍රීඩා පිටියට ක්‍රිකට් පිච් එකක් ලබා දී එයට මැට්මක් හා ක්‍රිකට් ආම්පන්න ලබා දීමට පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ක්‍රිකට් පාලක මණ්ඩලය හරහා වැඩ පිළිවෙලක් යොදන්නේ නම් අද හෙට ආරම්භ කෙරෙන පාසල් ක්‍රිකට් තරගාවලියට පොලොන්නරුවෙන් දක්ෂ කාන්තා කණ්ඩායමක් ඉදිරිපත් කෙරෙනු ඇත.