2008 වසරේදී මෙම පැහැර ගැනීමේ සිද්ධිය සිදුව ඇත.
ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොමදෝර් සුමිත් රණසිංහ හා ලීඩින් සීමන් ලක්ෂ්මන් උදය කුමාර යන දෙදෙනාය.
ජාත්‍යන්තර පාසල් සිසුවකු එංගලන්තයේ අධ්‍යාපනය හැදෑරීමට යාම නිමිති කරගෙන පැවැත්වූ ප්‍රිය සම්භාෂණයකින් අනතුරුව, ඊට සහභාගී වූ සිසුන් 06 දෙනකු ආපසු යමින් සිටිය දී මෙම පැහැරගෙන යාම සිදුව ඇති අතර පසුව එම සිසුන් ඝාතනය කර තිබේ.
මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් පැමිණිල්ලක් එවකට වත්තල පොලීසියට ලැබී තිබිණි.
විමර්ශන : ජාත්‍යන්තර පාසල් සිසුන් ගැන පමණයි :
මෙසේ කොළඹ සහ ත්‍රීකුණාමලය ප්‍රදේශවල ධනවත් පවුල්වල සිසුන් හා තරුණයින් 28 දෙනකු පැහැර ගැනීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරෙන විමර්ශන වලදී, කප්පම් ගැනීමේ අදහසින් මෙම සිසුන් හය දෙනා පැහැරගෙන යාම නාවික හමුදා බුද්ධි අංශ විශේෂ ඒකකයේ කිහිප දෙනෙකු විසින් සිදු කරනු ලැබූ බව ද හෙළිව තිබිණ.
එසේ පැහැරගෙන ගොස් ඝාතන කල සිසුන් අතර සිංහල තරුණයකු ද වේ. ඒ සම්බන්ධයෙන් පලාත්සහා මහ ඇමතිවරයකුට චෝදනා එල්ලවී ඇත.
මෙසේ සිසුන් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම් පිළිබඳව පැමිණිලි ලැබී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන්නේ ජාත්‍යන්තර පාසල් වල ඉගෙනගත් සිසුන් හයදෙනෙකු සම්බන්ධයෙන් පමණි.
සබැඳි පුවත් :
ත්‍රී‘මලේ සිසු ඝාතන පරීක්ෂණය: නීතිපති කකුලෙන් අදී
නාවික හමුදා 'කප්පම් කල්ලිය' රහස් පොලිසියට !
වධකාගාරය විමර්ශනයට නාවික හමුදාවේ 3ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ රහස් වධකාගාර තිබෙන බව තහවුරු වේ !
අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට තවමත් තර්ජන' -එක්සත් ජාතීන්
'නේවි කප්පම්' කල්ලිය 28 දෙනකු මරලා
තරුණයන් පැහැරගත් වාහනවල කොටස් හමුවෙයි
සිසුන් පැහැරගත් වාහනය ත්‍රී’මලේ නාවික කඳවුරේ!
කප්පම් ගැනීම සඳහා ජාත්‍යන්තර පාසල් සිසුන් 06 දෙනකු පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362