Mar 03, 2017

නොයාර් නොපැමිණෙයි ; පෙරට්ටුව කල් යයි

මාධ්‍යවේදී කිත් නොයාර් පැහැරගෙන ගොස්  පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා මාධ්‍යවේදී කීත් නොයාර් නොපැමිණීම හේතුවෙන් එය මෙම මස 16 දිනට කල් දමා ඇත.
 

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස්  පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අද(03) දිනයේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

 අද දින මාධ්‍යවේදී කීත් නොයාර්ගේ පැමිණීම අනිවාර්ය බවද, නැවත හඳුනාගැනීමේ පෙරට්ටුවක් නොපවත්වන බවද මහේස්ත්‍රාත්වරිය දැනුම් දී තිබේ.

සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයින්  අද (03) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්  ලබන 16  වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

සබැඳි පුවත්

කිත් නොයාර් හෙට ලංකාවට එයිදැයි සැකයක් !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top