Apr 02, 2021

දේවානිගේ යෝජනාව පිළි ගනියි - කඩොලානේ පස් අයින් කරන්න කියයි! Featured

මීගමුව කළපුවෙන් බැහැර කර ඇති රොන්මඩ සහිත විශාල පස් තොගයෙන් වැලි සෝදා ඉවත් කරගත හැකි දැයි වහාම සොයා බලන ලෙස පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.

එම රොන්මඩ තොගයෙන් වැලි ඉවත් කර ගැනීමේ හැකියාවක් ඇත්නම් ඊට වහාම මැදිහත් වන ලෙසද එම කටයුතු තවදුරටත් ප්‍රමාද නොකර මේ සතිය තුළම නිලධාරීන් පිරිසක් යවා ඊට අදාළව පියවර ගෙන තමන්ට වාර්තා කරන ලෙසද ලේකම්වරයා ලේකම්වරයා විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයට උපදෙස් දී ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශවල ලේකම් හා රාජ්‍ය ලේකම් සමඟ පැවැති  සාකච්ඡාවකදී මේ උපදෙස් දී තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ 2018දී ධීවර අමාත්‍යාංශයේ කළපු සංවර්ධන ව්‍යාපෘතියෙන් මේ රොන්මඩ සහිත පස් තොගය ඉවත් කර ඇති බවය.

දේවානි කියලා, ගනන් අරං නෑ

දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක මෙම පස් තොගය කඩොලාන පරිසරයෙන් ඉවත් කරන ලෙස දැනුම් දුන්නද ධීවර අමාත්‍යාංශය ඒ සම්බන්ධව කිසිදු පියවරක් නොගෙන ඇති බව වාර්තා වේ.

පසුගියදා පැවති සංවර්ධන කමිටු රැස්වීමේදී මේ සම්බන්ධව අනාවරණය කළ දේවානි ජයතිලක හා එම ප්‍රදේශයේ මැති ඇමැතිවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ.

එහිදී සිදුවූ උණුසුම් වචන හුවමාරුව පහතින් දැක්වේ.

* රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා

"අපි මේ කතා කරන්නේ අධිකරණයේ තිබෙන එක නෙමෙයි. කලපුවේ සංවර්ධනය ගැන. රොන් මඩ ඉවත් කිරීම ගැන, පොලිතීන් ඉවත් කිරීම ගැන. ඔබතුමිය වලිගේ පාගෙගෙන කථා කරනවා."

* වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය

"මෙතන මට තියෙන ගැටලුව නිලධාරියෙක් හැටියට වන අපරාධකරුවෙකුට නිර්දේශ දෙන්න බෑ."

* රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා

"අපි ආණ්ඩුවක් ලෙස මේ හදන්නේ පරිසරය සුද්ද පවිත්‍ර කරලා තියා ගන්න."

* වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය

"ඔබතුමන්ලා අපිට සහයෝගය දෙන්න අපිට පස් ටික ඉවත් කරන්න. හැමොම මට පෙෂර් කරන එක වැරදියි. අදාළ වැරදිකරුවන්ට පෙෂර් කරන්න. ඒ අයට කියන්න පස් ඉවත් කරන්න කියලා. ඒ අය අවුරුදු දෙකක් තිස්සේ පස් ඉවත් කළා නම් දැන් ඔය වැටසටහන කරලා. පස් ඉවත් නොකිරීම නිසා කඩොලාන පද්ධතියට වූ හානිය පූරණය කරන්නේ කවුද? එතනත් බිලියන ට්‍රිලියන නෙවෙයි ඊට වඩා හානියක් වී තිබෙනවා. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේවායින් විශාල වශයෙන් ඔක්සිජන් ලබාදෙනවා. එතරම් විනාශයක් තිබියදී වැරදිකරුවන් නිදහස් කරමින් අපිට චෝදනා කිරීම කොච්චර වැරදිද?"

* රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා

"අපිටත් මේ ගැන තේරෙනවා. ඔක්සිජන් ගැන අපිත් දන්නවා."

* රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා  

"අපි ඉතාමත්ම පැහැදිලිව කිව්වා මෙතන සිද්ධි දෙකක්.   එක සිද්ධියක් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඒකට අපි අඟිලි ගහන්නේ නෑ. ඒ නිසා මම වැදලා ඉල්ලන්නේ අපේ ධීවර පවුල් 3000/4000කට ධීවර රැකියාව කරලා කීයකවත් හොය ගන්න බැරිව ඉන්නේ. මොකද මේ කලපුව විනාශ වෙලා. අපිත් වන සම්පත් ආරක්ෂා කරන්න තමයි කථා කරන්නේ. මගෙ අමාත්‍යාංශය ගත්තොත් ලක්ෂ 5ක් පැල හිටවලා තියෙනවා."

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top