Apr 02, 2021

පොල් තෙල් ගෙන්වීම තහනම්; පොල් තෙල් සල්ලි උඩ ලිස්සන මාධ්‍යකාරයෝ Featured

පිරිපහදු නොකළ පොල් තෙල් රටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම නවතා දමන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා කියයි.

ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. 

පිරිපහදු නොකළ පොල් තෙල් රටට ගෙන්වීමට හැකි වන පරිදි නිකුත් කර තිබෙන ගැසට් පත්‍රය ද අවලංගු කරන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය වරයා කියා සිටී. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පොල් සංවර්ධන අධිකාරිය පැවතියත් රටට ගෙන්වන පොල්තෙල් සම්බන්ධයෙන් බලය පැවරීමක් එම අධිකාරියට ලැබී නැතැයි ද ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය. පොල් තෙල් ගෙන්වන ප්‍රමාණයන් සහ වර්ගයන් ගැන පොල් සංවර්ධන අධිකාරියේ දත්ත නොමැති බවත් රේගුවෙන් සහ ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවේ දත්තවලින් පොල් සංවර්ධන අධිකාරිය දත්ත ලබා ගන්නා බවත් ඇමැතිවරයා පැවසීය. මෙම තත්ත්වය හමුවේ පොල් සංවර්ධන අධිකාරියට පූර්ණ බලතල ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අවශ්‍ය නීති සම්පාදනය කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට තමා උපදෙස් දුන් බවත් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

පොල් තෙල් ගැන කොහාට කතා කළත් වාසි ගන්න අය!

මේ අතර, ජනමාධ්‍ය තුළ පොල් තෙල් සම්බන්ධ මාතෘකාව ගැන පලවන මාධ්‍ය වාර්තාවලින් වාසි ලබා ගන්නා ව්‍යාපාරිකයන් පිරිසක් බිහිවී ඇතැයි අදාළ ව්‍යාපාරයේ නිරත වෙළඳුන් පිරිසක් ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

අදාළ තත්ත්වය හේතුවෙන් පොල් තෙල් වෙළඳුන් කිහිපදෙනෙකු මුදල්වලට මාධ්‍යකරුවන් හා මාධ්‍ය ආයතන කිහිපයක් හසුරුවමින් සිටින බවට ද ඔවුන් චෝදනා කරති.

එදිරිසිංහ ඇයි අත්අඩංගුවට නොගන්නේ

මේ අතර, ඔවුන් පෙන්වාදෙන්නේ පිළිකා කාරක පොල් තෙල් වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී ලොරි රථ දෙකක් අල්ලාගෙන ඒවා රේගු භාරයට ගනු ලැබුවද, එහි හිමිකරුවන් අත්අඩංගුවට නොගැනීම පිටුපස ද ක්‍රමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට ද ඔවුන් චෝදනා කරති.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top