පොල් ගස් මේ දක්වා ගස් හෙළීමේ පනතට ඇතුළත් කර නොමැති බව එම සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසයි.
මෙරට පොල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා වසරකට අවශ්‍ය පොල් ගෙඩි ප්‍රමාණය මිලියන 3,700කි. මේ වනවිට මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය මිලියන 2,400ත් 2,500ත් අතර අගයක් වාර්තා වේ.
මීට ප්‍රධාන හේතුව කිසිදු අවසරයක් නොමැතිව පොල් ගස් කපා දැමීම බවද මෙම ගැටලුව හේතුවෙන් පොල් මෙන්ම පොල් ආශ්රිත නිෂ්පාදනද මේ වනවිට ආනයනය කිරීමට සිදුව ඇති බව ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.