Apr 06, 2021

පොල් තෙල් සටනේ ජය විමල්ට; පොල් කෑලි රටින් එයි Featured

වියළන ලද කැබලි පොල් මෙරටට ගෙන්වීමට රජය තීරණය කර තිබේ.

පොල්තෙල් නිෂ්පාදනය සඳහා පමණක් වියළන ලද කැබලි පොල් තුන් මසක කාලයක් සඳහා ආනයනය කිරීමට තීන්දු කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි.

පොල් තෙල් ආනයනය කිරීම වෙනුවට දේශීය පොල් තෙල් නිෂ්පාදකයින් දිරිමත් කිරීම පිණිස මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය කැබලිකරන ලද පොල් මද ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ද පසුගිය දෙසැම්බර් මාසයේදී හිමි විය.

ඒ අනුව, එක් මාසයකට මෙට්ට්‍රික් ටොන් 13,500 බැගින් මාස 3ක් සඳහා පමණක් අදාළ තොග මෙරටට ගෙන්වනු ලැබේ.

අමාත්‍යාංශය සඳහන් කළේ, දේශීය පොල්තෙල් නිෂ්පාදන සමාගම් වැසි යාමේ අවදානම සහ අපනයන බිඳ වැටීම ඇතුළු කරුණු සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවය.

පොල්තෙල් නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් පොල් අස්වැන්නක් නොමැති වීම හමුවේ, කර්මාන්ත මේ වනවිට අඩාල වී ඇතැයි, අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 150,000 – 160,000අතර අගයක පවතී.

ඉන් මෙට්ට්‍රික් ටොන් 90,000ක්ම ආහාර අවශ්‍යතාව සඳහා යොදා ගැනෙණු ඇති.

එහෙත් මෙරටදී නිෂ්පාදනය කෙරෙන්නේ, මෙට්ට්‍රික් ටොන් 50,000ක් පමණක් බව ද, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සදහන් කළේය.

දේශීය පොල් තෙල් නිෂ්පාදකයින් විසින් ආනයනික තෙල් ගෙන්වීමට එරෙහිව ගෙන යන ලද සටනට සහය ලබාදෙනු ලැබුවේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් බව මේවන විට ප්‍රසිද්ධ රහසක් වී තිබේ.

ඔහුගේ අදහස වී තිබුණේ පොල් කෑලි රටින් හෝ ගෙනවිත් මෙරට පොල් තෙල් නිෂ්පාදනය ආරම්භ කිරීමය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top