Apr 07, 2021

කිම් කාඩෑෂියන් ෆෝබ්ස් ප්‍රකෝටිපති ලැයිස්තුවට

ඇමෙරිකානු රියැලිටි ටීවී තරුවක් කිම් කාඩෑෂියන් වෙස්ට් සුපිරි ධනවතුන්ගේ ප්‍රභූ සමාජයට ඇතුළත් වී තිබේ.

ඇයට හිමි ධනයේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 1 දක්වා ළඟා වී ඇති අතර, මෙයට ඇයගේ රූපලාවන්‍ය ආලේපන සහ ඇඳුම් පැළඳුම් සඳහා මෙන්ම රූපවාහිනියෙන් ලැබෙන ආදායම, වෙළඳ දැන්වීම් වලට පෙනීසිටීම සහ ආයෝජනවලට ස්තූතිවන්ත වන බව ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව පවසයි.

මේ අනුව ඇය ෆෝබ්ස් හි ලෝක ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටින පුද්ගලයන් 2,755 අතර සිටියි.

මෙම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ ඩොලර් බිලියන 177 ක ශුද්ධි ධනයක් හිමි ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top