Apr 07, 2021

කොවිඩ් නිසා ඔලිම්පික් තරගාවලියට නොඑන බව උ. කොරියාව කියයි Featured

මේ වසරේ පැවැත්වෙන තෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී නොවන බව උතුරු කොරියාව නිවේදනය කර තිබේ.

සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොවිඩ් -19 වසංගතයෙන් ආරක්ෂා කිරීමට මෙම තීරණය ගෙන ඇති බව උතුරු කොරියාව සඳහන් කරයි.

එරට තුළ කොවිඩ් රෝගීන් නොමැති බවට ප්යොන්යන් අගනුවර බලධාරීන් පවසා සිටියද, විශේෂඥයන් පවසන්නේ එය විය නොහැක්කක් බවයි.

මේ අනුව, ජූලි 23දා ඇරඹීමට නියමිත 2020 ඔලිම්පික් උළෙලට සහභාගී නොවන බවට නිවේදනය කළ පළමු රට බවට උතුරු කොරියාව පත්වේ.

සීතල යුද සමයේදී දකුණු කොරියාවේ පැවති 1988 ගිම්හාන ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමෙන්  අනතුරුව උතුරු කොරියාව, ගිම්හාන ඔලිම්පික් උළෙලකට සහභාගී නොවන පළමු වතාව මෙයයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top