Apr 07, 2021

බාර් වැසෙන දිනයන් මෙන්න

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් අප්‍රේල් මස 13 හා 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ, සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු ර.බී. 07 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සුරාසැල් එම දින දෙක තුළ වසා තැබෙන බවය.

මේ අතර අප්‍රේල් 26 වන දිනට යෙදී ඇති බක් පුර පසළොස්වක පෝය දිනයේ දී ද දිවයිනේ සියලු සුරාසැල් වසා දැමීමට නියෝග කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top