Apr 08, 2021

චමල් සහ ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් (වීඩියෝ) Featured

රජයේ මැති ඇමතිවරුන් සහ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙන් පාර්ලිමේන්තුව අද (08) උදෑසන කෙටි කාලයකට කල් තබන ලදී.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සහ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව හේතුවෙන් මෙම තත්වය හටගත්තේය.

මේ අතර රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු ආසනය පිළිබඳ කථානායකවරයාගේ තීරණයට විරෝධය දැක්වීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සිටිනු දක්නට ලැබිණි.

(වීඩියෝ - නිව්ස් ෆස්ට්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top