ඒ මහතාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඊයේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන වාර්තා කරමින් සිටියදීය.
ඉල්ලීම් 11ක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
මේ වනවිට මරදාන පොලිසියේ රඳවා සිටින මලික අබේකෝන් මහතා පහරදීමට ලක්ව ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමද සිදුකර නොමැත.ඊයේ රාත්‍රියේ වෘත්තිය සමිති ක්‍රියාකාරින් හා නීතිඥවරයකු මරදාන පොලිසිය වෙත ගියද පොලිසිය විසින් මලික හමුවීමට අවස්ථාවක් ද ලබා දී නොමැති බවද වාර්තා වේ.
වත්මන් පාලනය කම්කරු අයිතිවාසිකම් යටපත් කරමින් ප්රජාතන්ත්රවාදී අයිතින් නොතකා මර්දනකාරී පාලනයක් කරා යමින් සිටින බව විරෝධතාවයට එක්ව සිටින පිරිස් පවසති.\
කම්කරු විරෝධතාවයක් අතරතුරදී පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගනු ලැබූ නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් මහතාට අමානුෂික ලෙස පහරදීම හා වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම සම්බන්ධව විරෝධය දක්වමින් මරදාන පොලිසිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වේ.
Last modified on Thursday, 08 April 2021 18:39
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362