Apr 08, 2021

ලොව වැඩිම ප්‍රකෝටිපතියන් ඉන්නේ බීජිං වල ලු! Featured

ලොව වැඩිම ප්‍රකෝටිපතියන් සිටින නගරය ලෙස චීනයේ බීජිං අගනුවර නම් කර තිබේ.

පසුගියදා පළවූ ෆෝබ්ස් සඟරාවේ ධනවතුන්ගේ ලැයිස්තුවේ දත්ත වලට අනුව මේ බව හෙළිවී ඇත.

පසුගිය වසරේදී තවත් ප්‍රකෝටිපතියන් 33දෙනෙකු බීජිං අගනුවරෙන් වාර්තා වීමත් සමග මේ වන විට එහි ජීවත් වන මුළු ප්‍රකෝටිපතියන් ගණන 100ක් බව එම සඟරාවේ දැක්වේ. කෙරෝනා වෛරස් වසංගතය සමග චීනයේ තාක්ෂණික සමාගම් වල වේගවත් වර්ධනයක් දක්නට ලැබුණු අතර, මේ සමග එහි ධනවතුන් වැඩි විය.

පසුගිය සත් වසර පුරාවටම වැඩිම ප්‍රකෝටිපතියන් සිටින නගරය ලෙස මුල් තැනට පැමිණියේ ඇමෙරිකාවේ නිව් යෝක් නගරයයි. මේ වන විට එහි සිටින ප්‍රකෝටිපතියන් ගණන 99කි.

කෙසේවෙතත්, නිව් යෝක් වල සිටින ප්‍රකෝටිපතියන් ගේ සමස්ත ධනය, බීජිං හි ප්‍රකෝටිපතියන් ගේ සමස්ත ධනයට වඩා ඇමෙරිකානු ඩොලර් බිලියන 58කින් වැඩි බව විදෙස් වාර්තා කරයි.

බීජිං හි ධනවත්ම පදිංචිකරුවා වන්නේ සුප්‍රසිද්ධ ටික්ටොක් හි නිර්මාතෘ සහ එහි මව් සමාගම වන බයිට්ඩාන්ස් සමාගමේ ප්‍රධාන විධායක වන ජාං ඊමිං ය.ඔහුගේ ධනයේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 35.6 දක්වා දෙගුණයකින් වර්ධනය වී තිබුණි.

මේ අතර, නිව්යෝර්ක් නගරයේ ධනවත්ම පදිංචිකරුවා වන හිටපු නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් සතු ධනයේ වටිනාකම ඩොලර් බිලියන 59කි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top